නුඹේ හදවත දමා බදුනක
ම්දුවිතේ උණුසුමින් දියකර
උරා දුම් වැටි මුවින් ගිනි පිඹ
කියන් සකි නුඹ හඬන කාරණ?
කන්තෝරැවේ හිද කුලී කර
ජිවිතය කළ මාස් පඩියට
නුඹේ සිතිවිලි ඉගිළ ආවෙද?
ප්‍රේමයේ සද එළීය අබියස
දීමනා අතිකාල වැඩ මුර
එයින් තොර ලොව අපට අවිචියයි
සොයා ගිය නුඹ එසුන්දර බව
පුරන්නේ කිම ශෝක මදුවිත
තාවකාලික වු වසන්තය
සිහිනයක් වි ගියද නුඹ හැර
යළි උදාවෙයි අන් ලෙසින් හෙට
ඉතින් සකි මේ කදුළු කුමටද?
No comments:
Post a Comment