♣♣♣....රගහලක සිදුවිමකි....♣♣♣.





කලුවරට අවනතය
අතගන්න සිපගන්න අවසරය
ඇස් ඇරන් සිටියාට නොපෙනේය
අතක දුර පමණමය ජීවිතය

ආලෝකයට කඩිසරය
හිස සිට දෙපතුලට
දෙපතුල සිට හිසට
තුන් පිම්ම පනී දෙනයන

පෙළ සැදෙයි හත් මුතු පරපුර
කළු කෝට පිත්තල බෝත්තම්
කඩු කස්තාන
කුඩු කෝඩි සේසත්
දිස්නේ දෙයි
ගෙල බඩ හඩදවත පිම්බෙයි

වනචරය .. චටස්
කම්මුලක් ඉදුල්කරයි අතක්
වරක් දෙවරක් තෙවරක්.
.